ඉදිරි අභියෝගවලට මුහුණ දීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමේ කඩිනම් අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස හිටපු කථානායක කරු ජයසූරිය මහතා සති අන්තයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේය. 2015-2019 කාලසීමාව තුළ කථානායකවරයා ලෙස කටයුතු කළ ජයසූරිය මහතා සෙනසුරාදා (09) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පාර්ලිමේන්තුව පවතින ගැටලුවලට විසඳුම් සෙවීමේදී ප්‍රමාද වී ඇති බවක් පෙනෙන්නට ඇති බවයි.
සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයේ පාඨය පහත දැක්වේ.
1978 විධායක ජනාධිපති ක්‍රමය පදනම් කරගත් ව්‍යවස්ථාව යම් යම් සීමාවන්ට යටත්ව සිටියද පාර්ලිමේන්තුව සතු බලය නිසියාකාරව වටහාගෙන යුතුකම් නිසි පරිදි ඉටුකිරීම පක්ෂ නායකයින් ඇතුළු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමක් බව සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරය යළි අවධාරණය කරයි.
සමස්ත ජාතියටම බලපාන යම් යම් වැදගත් කරුණු මත පදනම්ව පොදු පාඨමාලා සඳහා සහභාගී වී වාද විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් වන නමුත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම සහ යුතුකම වන්නේ “පාලනයට අවශ්‍ය නීති පැනවීම” බව පෙනේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යම් පසුබෑමක් ඇති බවයි.
රටේ අනාගතයට බෙහෙවින් බලපාන නීති හා අණපනත් ගණනාවක් යාවත්කාලීන කිරීමේ තීරණාත්මක අවශ්‍යතාව සලකා බලන විට පාර්ලිමේන්තුව ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව අපගේ අදහසයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඇතැම් නීති සහ අණපනත් වසර සියයකට වඩා පැරණි බව අප අමතක නොකළ යුතුයි. ඒවා නූතන ලෝකයට ගැළපෙන පරිදි සංශෝධනය විය යුතුයි. ඒ සඳහා මූලික වගකීම සහ කර්තව්‍යය පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවටය.එබැවින් රටේ වත්මන් තත්ත්වය මෙන්ම ජනතාව මුහුණ දෙන දුෂ්කරතා ද සැලකිල්ලට ගෙන ඉදිරි පරම්පරාවන් යහපත් අනාගතයක් උදාකරදීම සඳහා සාධනීය පියවර ගන්නා ලෙස සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමු. ”