ඇෆ්ගනිස්ථානයේ ජනපති රටින් පිටවෙයි තලෙයිබාන්වරු ජනාධිපති මන්දිරයේ

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයා රටෙන් පිටව ගොස් තිබේ.

තලිබාන් කැරලිකරුවන් කාබුල් නුවරට ඇතුළුවීමත් සමග එරට ජනාධිපති අෂ්රෝෆ් ගානී මෙලෙස රටෙන් පිටවගොස් ඇත.

ජනාධිපතිවරයා එලෙස තජිකිස්ථානයට පිටවගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව කැරලිකරුවන් ජනාධිපති මන්දිරයට පැමිණ ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කරගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇෆ්ගනිස්ථානයේ බලය සාමකාමීව තමන්ට ලබාගැනීමට හැකිවූ බවද තලිබාන් කැරලිකරුවන් විසින් ප්‍රකාශයට පත්කර ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *