දින 90 ක කාලයක් සඳහා, එකිනෙකාට පැනවූ තීරු බදු අඩු කිරීමට ඇමෙරිකාවත් චීනයත් එකඟ විය.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ආනයන සඳහා සියයට 145 ක තීරු බද්දක් ද, ඊට එරෙහිව යමින් චීනය ඇමෙරිකන් භාණ්ඩ සඳහා සියයට 125 ක බද්දක් ද පනවා තිබුණි.
ඇමෙරිකාව සහ චීනය මෙසේ එකිනෙකාට බදු පනවා ගැනීම වෙළෙඳ යුද්ධයක් ඇති කිරීමට හේතුවක් විය.
චීනය සමඟ මේ අයුරින් නව එකඟතාවක් ඇතිකර ගැනීමට හැකිවීම සතුටක් බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත.