මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පැහැදිලි ජයක් ලබා ගැනීමට කිසිදු පක්ෂයක නොහැකි වූ ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිධුරයට ජාතික ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ ඉන්දික කරුණාරත්න මහතා තේරිපත් වූ අතර උපසභාපති ධූරයට ස්වාධීනව ඇපල් ගෙඩිය ලකුණෙන් ඉදිරිපත් වූ මොහොමදු මකීම් මහතා තෝරා පත් කර ගත්තේය.
මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස් කේ.පී.කේ. අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගලේවෙල සාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීම ගලේවෙල ප්‍රාදේශීය සභාවේ පීඩි ටී .බී .තෙන්නකෝන් අනුස්මරණ ශාලාවේදී සිදු කෙරිණි.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ගළේවල ආසන 29යෙන් ආසන 14ක් ජාතික ජනබලවේගය පක්ෂයද, සමගි ජනබලවේගය සභික ආසන හතක්ද, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ ආසන තුන බැගින්ද, සර්වජන බලය පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම එක එක් සභිග ආසනය බැගින් දිනා ගත්තේය.
නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කළ ඉන්දික කරුණාරත්න මහතාගේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන එම් පි .ආර් ජයතිලක මහතාගේ නම යෝජනා විය..
එමෙන්ම ස්වාධීන කණ්ඩායමකින් ඇපල් ගෙඩිය ලකුණෙන් පත් වූ එක් මන්ත්‍රීවරයෙක් ඉන්දික කරුණාරත්න මහතාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.