ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා දිනයේ විවෘතයි

දිවයින් පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා දිනයේ විවෘතකිරීමට නියමිතව තිබේ.

තොග වෙ‍ළෙඳුන් සඳහා පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට අලුයම 04.00 සිට විවෘතව තැබෙන බව වාර්තා වේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය 20 වනදා රාත්‍රීයේ සිට දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරුණි.

මේ හේතුවෙන් මුල්වරට පසුගිය 25 සහ 26 වන දින සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතකිරීමට රජය කටයුතු කළේය.

ගොවින්ගේ අස්වනු අලෙවිකර ගැනීමට නොහැකි විම හේතුවෙන් යළි පසුගිය 28 සහ 29 යන දෙදින තුළ ද සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතකර තිබුණි.

පසුව නිරෝධායන ඇඳිරිනීතිය යළි සැප්තැම්බර් මස 06 වනදා දක්වා දීර්ඝ කිරීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබාදීම සඳහා හෙට සහ අනිද්දා යන දෙදින ආර්ථික මධ්‍යස්ථාන විවෘතකිරීමට රජය තීරණය කර ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එහි පැමිණෙන ලෙස මැනිං පොදු වෙළෙඳ සංගමයේ අනිල් ඉන්ද්‍රජිත් මහතා වෙළෙඳුන්ගෙන් ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *