ආර්ථික මධ්‍යස්ථාන තවත් දින 2ක් විවෘතව තැබේ

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන යළි එලඹෙන 28 සහ 29 යන දෙදින විවෘතව තැබීමට තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේ තොග වෙළෙඳාම් සඳහා පමණක් එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතිනු ඇති බවය.

මේ අතර ඊයේ විවෘත කෙරුණු දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙදාම් කටයුතු සඳහා අද දිනයේදී ද විවෘතව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *