ආණ්ඩුවේ කන්තෝරුවල අල්ලස් පොකුරු

රජයේ ආයතනවල නිලධාරීන් හෝ සේවකයන්  සාමූහික වශයෙන් එකතුවී කරන අල්ලස් ගැනීම්( අල්ලස් පොකුරු) වැඩි වී ඇතැයි අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා පැවසීය.

එසේ අල්ලස් ලබාගෙන ඒවා සියල්ලන් අතරේ බෙදා ගන්නා බවට තොරතුරු හෙළි වී ඇතැයිද   ඔහු සඳහන් කළේය.

අල්ලස් ගැනීම මෙන්ම අල්ලස් ලබාදීමද බරපතළ වරදක් බව පවසන අධ්‍යක්ෂ ජනරාල්වරයා අල්ලස් ගන්නන් වගේම අල්ලස් දෙන්නන්  සම්බන්ධයෙන්ද ඉදිරියේදී දැඩි විමසිල්ලෙන් සිට අත්අඩංගුවට ගැනීම් කරන බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *