’’ආණ්ඩුවට රාජ්‍ය සේවය ගැන කිසි විශ්වාසයක් නෑ’’ – නාමල්

මැතිවරණ වේදිකාවේ කතා කළ උදවිය රජයේ ඉහල තනතුරු වලට පත් කරන්නේ ආණ්ඩුවට රාජ්‍ය සේවය ගැන විශ්වාසයක් නැති නිසා බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රනිල්ගේ ප්‍රතිපත්ති අපට ගැලපෙන්නේ නැහැ කියා බලයට පැමිණි ආණ්ඩුව දැන් රනිල්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා.වෙලාවට බදු ටික වැඩි කරනවා.අනෙක් පැත්තෙන් ජනතාවගේ ආදායම වැඩි කරන්න ආණ්ඩුව අද වන තෙක් ගත් පියවර මොනවාද?ආණ්ඩුව ඉතිහාසය ගැන කතා කරනවා මිස අනාගතය ගැන හෝ වැඩපිළිවෙළ වල ඉලක්කය ගැන කියන්නේ නැහැ.

ආයෝජකයෝ එනවා කියනවා. කවුරුත් එන්නේ නෑ.හිටපු ආයෝජකයොත් යනවා.මේ ආයෝජන වැසෙන්න දෙන්නේ නැතිව ආරක්ෂා කරගන්න ආණ්ඩුවට ඇති සැලැස්ම මොකක්ද?සිස්ටම් එක වෙනස් කරන්නේ නැතුව නිලධාරීන් හිරේ දානවා.ආණ්ඩුවට රාජ්‍ය සේවය ගැන විශ්වාසයක් නෑ.මැතිවරණ වේදිකාවේ කතා කළ උදවිය රජයේ ඉහල තනතුරු වලට පත් කරන්නේ ඒකයි.මොවුන් බලයට ඇවිල්ල කරන්නෙත් පහුගිය ආණ්ඩු වලට බනින  එක. විසැඳුම් දෙන්නේ නැහැ.මේවා කරලා ආයෝජකයන් රවට්ටන්න බෑ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *