ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳ සොයා බැලීම සඳහා වෙනම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ලබන සතියේ පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඇතැම් මන්ත්‍රීවරුන් කඩාකප්පල්කාරී ක්‍රියාවල යෙදෙන්නේ නම් මෙම ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවද ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
“පොලිස්පතිතුමා නෑ. විනිශ්චයකාරවරු නෑ. මම කල්පනා කරන්නේ කොහොමද අපි යුක්තිය ඉටු කරන්නේ කියලා. පොලිසියට හෝ අධිකරණයට වැඩ කරන්න බැහැ,” ඔහු පැවසීය.