අල-ලූනු ආනයන බදු වැඩි කළ වාසිය ගොවියාට නෑ

ලොකු ලූනු ආනයනික බදු වැඩි කිරීමේ වාසිය ලැබෙන්නේ දේශීය ගොවියාට හෝ පාරිභෝගිකයාට නොව අතරමැදි වෙළෙඳුන් පිරිසකට බව හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ගොවීන් අර්තාපල්  හා ලොකු ලූනු අස්වනු නෙලන අවස්ථාවේදී ආනයනික බද්ද ඉහල නැංවීමෙන් ගොවියාටවත්, පාරිභෝගිකයාටවත් ඒ වාසිය ලැබෙන්නේ නැතැයි කී හිටපු අමාත්‍යවරයා අඩූ ආනයනික බදු තිබෙන විට කූඨ වෙළෙඳුන්   ලොකු ලූනු හා අර්තාපල්  ආනයනය කර ගබඩා කර ගන්නා බව කීය.

රජය ආනයනික බදු ඉහල නැංවීමට අදහස් කර සිටී නම් ඇතැම් නිලධාරීන්  හරහා ඒ තොරතුරු  ව්‍යාපාරිකයින්ට ලැබෙන බව කී අමරවීර මහතා

ඒ නිසා ආනයනික බදු ඉහල දැමීමේ වාසිය ගොවියාට වත් පාරිභෝගිකයාටවත් ලැබෙන්නේ  නැති බව පැවසීය.

අඩු තීරු බදු යටතේ ගෙන්වූ අර්තාපල් හා ලොකු ලූනු ඔවුන් වැඩි මිලට විකුණන බව කී හිටපු අමාත්‍යවරයා මේ වනවිට වෙළෙඳපලේ ලොකු ලූනු මිල ඉහල ගොස් තිබෙන බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *