අරගලයේදි ජනපතිගේ නිවසට ගිනි තැබුවෙක් අල්ලයි

ඉකුත් අරගල සමයේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට ගිනි තබා හානි සිදුකිරීමට සම්බන්ධ බව කියන සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවැසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

අත්අඩංගුවට ගත් සැකකරු පෞද්ගලික ආයතනයක කම්කරුවකු වශයෙන් සේවය කරන පුද්ගලයකු බවද තල්දූව මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *