අරගලය පාතාලය, මත්ද්‍රව්‍ය හිස ඔසවන්නට හේතු වුනා: ඇමති

“අරගලය” රට තුළ පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය වර්ධනය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

වසරක පමණ කාලයක සිට අරගලය සහ ඒ ආශ්‍රිත සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසියට පූර්ණ අවධානය යොමු කිරීමට සිදුවූ බවත්, එමඟින් වෙනත් කටයුතුවල යෙදීමට නොහැකි වූ බවත් ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

“මේ කාලය තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් වැඩිවෙලා තිබුණා. පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඬලීමට ක්‍රමානුකූලව කටයුතු කරනවා.”

පොලිස් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 20,000කට අධික ප්‍රමාණයක් පවතින බවත් ආර්ථික අර්බුදය හේතුවෙන් එම පුරප්පාඩු පියවරෙන් පියවර පිරවීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කීය.

“අපි මේ වසරේ පොලිස් නිලධාරීන් 2000ක් බඳවාගෙන තිබෙනවා. අපි 5000 ක් බඳවා ගැනීමට සැලසුම් කරනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *