අපරාධකල්ලි සමාජිකයන් දෙදෙනෙක් මාට්ටු

දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දියගල වත්ත චුට්ටේ නමත්තා සමග සමීප සම්බන්ධතා   පැවැත් වූ බව කියන  හිටපු  යුද හමුදා සෙබලුන් දෙදෙනකු   ව්‍යාජ අංක තහඩු යෙදූ යතුරු පැදි 02ක් සමග  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

හංවැල්ල  සහ අතුරුගිරිය පොලිස් වසම වලදී මෙම වැටලීම් සිදුකර ඇත.

එහි දී  වෙඩි තබා ඝාතනය කිරීම් සදහා යොදා ගන්නා ලදැයි සැක කරන ව්‍යාජ අංක තහඩු යෙදූ යතුරු පැදියක් සගවා තැබීමේ වරදට යුද හමුදා බුද්ධි බලකායේ සේවය කර දැනට සේවයෙන් ඉවත්ව සිටින පනාගොඩ ප්‍රදේශයේ  අවුරුදු 36ක පුද්ගලයකු  සහ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර දැනට සේවයෙන් ඉවත්ව සිටින හංවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයකු යතුරුපැදියක් සහ ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *