Gun

අපරාධ ලේඛනයේ සිටින මුතුවාගේ නිවෙසට වෙඩි

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන මනෝජ් මුතු කුමාරණ නොහොත් “මුතුවා” නැමැත්තාට අයත් අතුරුගිරිය ගල්වරුසාව පාර ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ(27) දින අළුයම කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක්  වෙඩි ප්‍රහාර අටක් පමණ සිදු කර ඇති බව නවගමුව පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුට හානි සිදුව නොමැති බවත් නිවසේ දොර ජනෙල් සහ බිත්තිවලට හානි සිදුව ඇතැයිද පොලිසිය පවසයි.

මෙම සංවිධානාත්මක අපරාධකරු නවගමුව පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ අපරාධ රැසක් මෙහෙයවා ඇති බවත් නවගමුව පොලිසියේ නිලධාරියකු ඝාතනය කරන බවට පසුගියදා දුරකථනයෙන් තර්ජනය කර තිබූ බවත් නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *