අපරාධ ගැන හොයන්න වෝහාරික ජංගම විද්‍යාගාරයක්

අපරාධ පිළිබඳ සොයාබැලීම සඳහා වෝහාරික ජංගම විද්‍යාගාරයක් හඳුන්වාදීම වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදුකෙරුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදුකළ සේවාව පුළුල් කිරීමේ අරමුණින් මෙය සිදුකර තිබේ.

ඒ අනුව ලංකාවේ බරපතළ අපරාධ සිදුවන ස්ථානවලට මෙම රථය යොමු කිරීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලයෙන් සිදුවු සේවාව ඉතා කඩිනමින් අපරාධය සිදුවු ස්ථානයේ දීම ඉටුකර ගැනීමේ හැකියාව හිමිවන බව මෙහිදී අදහස් දක්වමින් දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

දකුණූ ආසියාවේ මෙවැනි වෝහාරික ජංගම විද්‍යාගාරයක් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය බවට තමා විශ්වාස කරන බව ද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව අපරාධ විසඳීමේ දී මෙම ක්‍රියාවලිය ඉතාම සාධනීය කටයුත්තක් ලෙස තමා හඳුන්වා දෙන බවත්, මෙමඟින් විශේෂයෙන් සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම්, සාහසික අපරාධ, විශාල පරිගණක අපරාධ හා මුල්‍ය වංචා වැනි දෑ විමර්ශනය කිරීමේ හැකියාව හිමිවන බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

මේ අතර වසර කිහිපයක් ක්‍රියාත්මක නොවූ පොලිස්පති සහන මැදිරිය ද අද යළි ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *