අනුරාධපුර ප්‍රධාන දුම්රිය වර්ජනය අවසන්

අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ රාජකරියේ නිරතව සිටින දුම්රිය නියාමකවරු පිරිසක් ඊයේ (18)දින උදැසන සිට ආරම්භ කරන ලද වැඩ වර්ජනය පස්වරුවේදි අවසන් විය.

අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ රථ ගාලේ නවතා තිබු දුම්රිය නියාමක වරයෙකුට අයත් යතුරු පැදියක් මත තිබු හිස්වැසුමක් කිසිවෙකු විසින් සොරා ගෙන යාමේ සිද්ධියකට විරෝධය දක්වමින් දුම්රිය නියාමකවරුන් ඊයේ (18)දින වර්ජනයක නිරතවුහ.

ප්‍රධාන දුම්රිය නියාමක පි.කේ.පි.පිරිස් මහතාට අයත් යතුරු පැදිය දුම්රිය ස්ථානයේ රථ ගාලේ නවතා තිබියදි යතුරු පැදිය මත තිබු හිස්වැසුම කිසිවෙකු විසින් රාත්‍රියේ සොරා ගෙන ගොස් තිබුණි.

දුම්රිය ස්ථානයේ පිහිටි රථ ගාලේ නිසි ආරක්ෂාවක් නොමැති නිසා වෙනත් ආරක්ෂිත ස්ථානයක රථ ගාලක් ඉදිකර දෙන ලෙස ඉල්ලමින් දුම්රිය නියාමකවරුන් පහළොස් දෙනෙකු සේවයෙන් ඉවත්වි වර්ජනයක නිරත වුහ.

මෙම හේතුවෙන් ඊයේ (18)දින පෙරවරැවේදි අනුරාධපුර සිට කිලිනොච්චිය දක්වා ධාවනය විමට නියමිතව තිබු දුම්රියත් අනුරාධපුරේ සිට මැදවච්චියටත් මැදවච්චියේ සිට අනුරාධපුරයටත් ධාවනය විමට තිබු රේල් බස් දෙකත් ධාවනය නොවු බව අනුරාධපුර දුම්රිය අධිකාරි කේ.සි.ආර්.නවරත්න මහතා පැවසිය.

මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයා හා දුම්රිය නියාමකවරැන්ගේ වෘත්තිය සමිති නියෝජිතයන් අතර අද කොළඹ පැවැති සාකච්ජාවේදි අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ රථගාලට දුම්රිය දෙපර්තමෙන්තුවේ ආරක්ෂක නිලධාරිවරයෙකු යෙදවිමට පාලන අධිකාරිය විසින් එකග විම නිසා මෙම වර්ජනය අවසන් විය.

මෙම වර්ජනය හේතුවෙන් මගිහු විශාල පිරිසක් දැඩි දුෂ්කර තත්වයකට පත්වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *