අනුර – ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක්

ජනාධිපතිවරණ අපේක්ෂක ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභා ප්‍රධාන කාර්යාලයේදී සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ ප්‍රධානීන්  හමුවිය.

එහිදී එම සංවිධානයේ ප්‍රධානි අස් සේහ් මුෆ්ති මවුලවි තුමා ඇතුළු ඒ.ජේ.ඒ. රිස්වි,  අස් සේහ් අර්කම් නුරඅමිත් තුමා සහ ආචාර්ය ඒ.ඒ. අහමඩ් අස්වර් යන මවුල විවරු සමඟ  සාකච්ඡාවක නිරත විය.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මුෆ්ති තුමන්ලා හා පාලක මව්ලවිතුමන්ලා සමග සාකච්ඡා කළ අතර එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන්ද අනුර කුමාර දිසානායක සහෙෝදරයා  එතුමන්ලාගේ ආශීර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *