ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා (3) සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය බලාරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා වන නීති සම්පාදනය මේ වන විට සකස් කෙරෙමින් පවතින බවද සිසුන්ට විදේශගත නොවී උසස් අධ්‍යාපනය ලබා ගත හැකි ආකාරයට උසස් අධ්‍යාපනය දියුණු කළ යුතු බවද සුරේන් රාඝවන් මහතා පැවසීය.