අධිකරණයට අපහාස කළ නීතිඥවරයකු රිමාන්ඩ්

අධිකරණයට අපහාසවන අයුරින් හැසිරුණු බව කියන නීතිඥවරයකු  ලබන 3 වැනි දා දක්වා රිමාන්ඩ් ගත කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීෆම් චෝදනා යටතේ චෝදනා පත්‍රයක් ගොනු කරන්නැයි නීතිපතිවරයාට නියම කළේය.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ ජයතුංග නමැති නීතියඥවරයෙකි.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරතුංග සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත්  විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *