අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණවල සිදු වූ ඝාතනය පිළිබඳව බුද්ධි අංශවලට පූර්ව දැනුමක් තිබූ බව පාර්ලිමේන්තුවේදී ප්රකාශ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී රෝහණ බණ්ඩාර මහතා හෙළි කළේය.
“මෙම ප්රහාරයට සූදානම් වෙමින් සිටි සිංහපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාව පිළිබඳ තොරතුරු බුද්ධි අංශ විසින් ලබා දී තිබුණි. ජාතික ආරක්ෂක විශේෂඥයින් කිසිවක් කළේ නැද්ද?” ඔහු ප්රශ්න කළේය.