අධික වියලි කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත්

දිවයින පුරා පවතින අධික වියලි කාලගුණික තත්ත්වය මෙම මාසය පුරාවට පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඉදිරි දින මෙම මාසයේ ඉතිරි දවස් කිහිපය තුළද බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වය අපේක්ෂා කළ හැකි බවය.

පසුගිය සතියට සාපේක්ෂව මේ දිනවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ඉහළ මට්ටමක පවතී.

ගතවූ දිනයේ වැඩිම උෂ්ණත්වට රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 36.7ක්.

මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ යාපනය දිස්ත්‍රික්කයේ සෙල්සියස් අංශක 33ක් උෂ්ණත්වය වාර්තා වී තිබේ.

එමෙන්ම කොළඹ, මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්කයන් හී සෙල්සියස් අංශක 32ක උෂ්ණත්වයක්ද වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *