අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රදේශ ඇතැම් ස්ථානවල මි.මී 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැ.කි.මී 40 – 50 පමණ වැඩි විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *