අගලවත්ත පොලිස් ස්ථානාධිපති ගැන සී.අයි.ඩී. පරීක්‍ෂණයක්

විදේශගතව සිටින පාතාල කල්ලි නායකයෙක් යැයි කියන ධර්මසිරි පෙරේරා නොහොත් රත්මලානේ ඇල්ටෝ ධර්මේ සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා එල්ල වී තිබෙන අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෛන් පරීක්‍ෂණයක් කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් දී තිබේ.

විදේශ රටක සැඟවී සිටින ධර්මසිරි නමැත්තා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අතර දුරකථන සංවාදයක හඬපටයන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ ඔහුගේ පාතාල සම්බන්ධතාවන් අනාවරණය වී ඇති බවත් 2020 වසරේ අදාල සංවාදය වන විට ප්‍රධාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මහතා ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

මෙම නිලධාරියාගේ පාතාල සම්බන්ධතාවන් අනාවරණය වීමෙන් පසු ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිටි රොහාන් ප්‍රේමරත්න මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ඔහු විමර්ශනයක් කිරීමට පවරා තිබුණ ද එම විමර්ශනය අතරමග නැවතී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *