අගමැතිගේ ඇමතිධූරවල වැඩ බැලීමට ජනක පත්කරයි

රාජ්‍ය අමාත්‍ය සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යධුරයේ වැඩබැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ.

එම ධූර සමග අග්‍රාමාත්‍යධූරය දැරූ දිනේෂ් ගුණවර්ධන මහතා විදෙස්ගතව ආපසු පැමිණෙන තෙක් වක්කුඹුර මහතා එම ධූරවල කටයුතු කිරිමට පත්කර තිබේ.

ජානක වක්කුඹුර මහතා පළාත් සභා, පලාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

චීනයේ ප්‍රමුඛතම වාර්ෂික ජාත්‍යන්තර සමුලුව වන බොඅඕ සමලුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවන චීන රජයෙන් ලද ආරාධනාවක් අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 24දා චීනය බලා පිටත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *