ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් කොලිත ගුණතිලක පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් කොලිත ඒ. ගුණතිලක මහතා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පත් කර තිබේ.

අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් කොලිත ගුණතිලක මහතා වෙත  ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාරදී තිබේ.

විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් කොලිත ඒ. ගුණතිලක මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාපතිවරයා ලෙසත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙසත් සේවය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *