T20 තරගාවලි ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 03කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය 2ට 1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

ඒ  අද පැවැති අවසන් තරගය කඩුලු 09කින් ජයගනිමිනි.

ශ්‍රී ලංකා පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිතිකරුවන් අසරණ කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්විය.

ඒ අනුව පන්දුවාර 14 පන්දු 01ක් අවසානයේ සියලුදෙනා දැවී සිම්බාබ්වේ කණ්ඩායමට රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 82ක් පමණි.

තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලැබී ඇති ඉලක්කය ලකුණු 83කි.

පන්දුවාර 10යි පන්දු 05ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 88ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව එම තරගය ජය ගත්තේය.

මුළු ලකුණු 82ක් ලෙස සටහන් වෙද්දී පැතුම් නිස්සංක එල්ල කළ 6 පහරකින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගෙන ආවේය.

තරගාවලියේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිව්ස් ට හිමිවිය.

තරගය පැවැත්වුණේ කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *