Starlink අන්තර්ජාල සේවා හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකාව SpaceX සමඟ සාකච්ඡාවක් අරඹයි

ශ්‍රී ලංකාව තුළ Starlink අන්තර්ජාල සේවා හඳුන්වාදීම පිළිබඳව ගවේෂණය කිරීම සඳහා Elon Musk’s SpaceX සමඟ ශ්‍රී ලංකාව මූලික කටයුතු ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පවසයි.

TRCSL නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පළමු සාකච්ඡා වටය ධනාත්මක වූ බවයි.

TRCSL ආයතනයට අනුව නුදුරු අනාගතයේ දී Elon Musk ගේ SpaceX රොකට් සමාගමට අයත් මෙම සේවාව ආරම්භ කිරීමේ නියාමන අංශ මෙන්ම පූර්ව අවශ්‍යතා පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

SpaceX ට අනුව, Starlink ලොව පුරා අධිවේගී, අඩු ප්‍රමාද බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාලය සපයයි. මෙම සේවාව දැනට 1,700කට වඩා වැඩි සංඛ්‍යාවක් ඇති අඩු කක්ෂගත චන්ද්‍රිකා ජාලයක් හරහා බ්‍රෝඩ්බෑන්ඩ් ලබා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *