ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) ලියාපදිංචි සියලුම ආයතන සඳහා මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
“SLTDA හි ලියාපදිංචි සියලුම ආයතන සඳහා මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. මෙමගින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට සහ රටට මෙන්ම සියලුම සංචාරක පාර්ශ්වකරුවන්ට විදේශ ආදායමක් ගෙන ඒමට උපකාරී වනු ඇත. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට විශාල ජයග්‍රහණයක්” යැයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.