ගෑස් සඳහා පවතින අධික ඉල්ලුම සපුරාලීම සඳහා ගෑස් සිලින්ඩර ලක්ෂ 8කට අධික ප්‍රමාණයක් මේ සතියේදී වෙළෙඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා පැවසීය.
ගෙවුණු දින හත තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 7කට අධික ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කළ බව ඔහු පැවසීය.
භූමිතෙල් හිඟය සහ අයහපත් කාලගුණය හේතුවෙන් රටේ ගෘහස්ථ ගෑස් පරිභෝජනය ඉහළ ගොස් තිබුණි.
නමුත් අපි මුළු ගෑස් අවශ්‍යතාවයට වඩා 25% වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කළා යැයි ද ඔහු පැවසීය.
උපරිම වශයෙන් දින හයක් ඇතුළත අලෙවිකරුවන්ට අවශ්‍ය තොග නැවත පිරවීමට අපට හැකි වනු ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.