IPL 2024: වනිඳු, දසුන් ශානක RCB සහ Gujarat Titans සංචිතයෙන් නිදහස්

අද වන විට, IPL කණ්ඩායම් දහයම තමන් රඳවා තබා ගන්නා සහ එළඹෙන 2024 සංස්කරණය සඳහා නිදහස් කරන ක්‍රීඩකයින් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අතරින් වනිඳු හසරංග සහ දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පිළිවෙළින් Royal Challengers Bangalore සහ Gujarat Titans වෙතින් නිදහස් කර ඇත.

ඒ වගේම පන්ජාබ් කිංග්ස් කණ්ඩායම භානුක රාජපක්ෂ සංචිතයෙන් නිදහස් කළා.

කෙසේ වෙතත්, ඉදිරි තරග වාරය සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ රඳවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

IPL 2024 වෙන්දේසිය දෙසැම්බර් 19 වැනිදා ඩුබායි හි Coca-Cola Arena හිදී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *