IOC සමාගම ශ්‍රී ලංකාවට ඉන්ධන මෙ.ටොන් 40,000ක් සපයයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් ඉන්දීය තෙල් සමාගමෙන් (IOC) ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000ක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත භාර දෙන ලදී.

ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගිතාව ශ්‍රී ලංකාවේ බලශක්ති ආරක්ෂාව සඳහා ක්‍රියා කරන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

මීට පෙර, ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් ලබා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය ඉන්දියාවේ රජයට අයත් IOC සමඟ සාකච්ඡා කර ඇත.

IOC වෙතින් ඉන්ධන මිලදී ගැනීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලය ද කොළ එළියක් දක්වලා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *