රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙබරවාරි 21 වැනි සඳුදා එක්දින සංකේත වැඩවර්ජනයක් දියත් කරන බව නිවේදනය කරයි.
වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා නොකර වෘත්තීය සමිති ඉල්ලීම් මත අත්තනෝමතික ලෙස වැටුප් වැඩි කිරීමට දරන උත්සාහයට එරෙහිව මෙම වර්ජනය දියත් කරන බව එම සංගමය පවසයි.
වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය සමිති 18කට ආසන්න සංඛ්‍යාවක් එක්ව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ සිට දින 14කට තාවකාලිකව අත්හිටුවා තිබුණා.
සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පෙරේදා (14) පැවැති සාකච්ඡාවේ වාර්තා පිළිබඳ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
මේ අතර, සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන පරිදි මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර හෙද හෙදියන්ගේ ඉල්ලීම් සලකා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට අද උපදෙස් දුන්නේය.
“වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය සේවා ඉතා ඉහළ අගයක් ගනී. රටේ මුල්‍ය තත්ත්වය අවබෝධ කරගෙන සමස්ථ රාජ්‍ය සේවයටම බලපාන්නේ නැති ආකාරයට අනුමත හෙද ගැටළු ලබාදීමට පියවර ගන්න” යැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉල්ලීමකට අනුව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සඳහන් කළේය. .