ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විධිමත් අධ්‍යාපනයේ අන්තර්ගතය සහ ජීවනෝපාය මාර්ග අතර නොගැලපීම පිළිබඳව අවධානය යොමු කරමින් රැකියා වෙළෙඳපොළට සරිලන නිපුණතා සහිත රැකියා කළ හැකි උපාධිධාරීන් බිහිකිරීම සඳහා ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බව අවධාරණය කළේය.
විදේශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නොවැම්බර් 23 වැනි දින කොළඹ විශ්වවිද්‍යාලයේ දී 2021 වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
මෙම සම්මන්ත්‍රණය 2021 සඳහා විෂය ක්ෂේත්‍ර ගණනාවක් සහ “අන්තර් විනය ප්‍රවේශයක් හරහා අපක්ෂපාතී පර්යේෂණ” තේමාවක් නියෝජනය කරන කීර්තිමත් විද්වතුන් සහභාගි වූහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ ජේකබ් මහතා ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රවීන විද්වතුන් ද සහභාගී වූහ.