ළමුන්

Covid-19 ළමුන් අතර නැවතත් පැතිරීමේ ප්‍රවණතාවයේ වැඩිවීමක්: ළමා රෝග විශේෂඥයින්

ළමුන් අතර Covid-19 පැතිරීමේ වැඩි ප්‍රවණතාවක් නැවත වරක් නිරීක්ෂණය වූ බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

පසුගිය සතියට සාපේක්ෂව Covid-19 සඳහා LRH වෙත ඇතුළත් වූ ළමුන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ඔහු වාර්තාකරුවන්ට පැවසීය.

සෞඛ්‍ය පිළිවෙත් නොසලකා හරිමින් ජනතාව නිදහසේ සැරිසරන්නේ නම් යළි පාසල් වසා දැමීමට සිදුවන බව වෛද්‍ය පෙරේරා මහතා පැවසීය.

“දරුවන්ට අධ්‍යාපනය ලැබීමට නම් අපි පාසල් විවෘතව තැබිය යුතුයි. මේ තත්ත්වයෙන් අනවශ්‍ය ප්‍රයෝජන ලබාගෙන චාරිකා, නෑදෑ හිතවතුන් බලන්න ගියොත් අපට නැවතත් අපේ පාසල් පද්ධතිය වසා දමන්නට සිදුවෙනවා. අපිට පේනවා පාරේ වාහන ප්‍රමාණය වැඩිවෙලා. ආයෙත් බස්වල සෙනඟ පිරෙන්න පටන් අරන්.” ඔහු පැවසීය. ජනතාව නිවෙස් වල සෞඛ්‍ය පුරුදු දැඩිව පිළිපැදිය යුතු බව පැවසූ ඒ මහතා, තම දරුවන්ද සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීමට වග බලා ගන්නා ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව ද කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *