CCTV සාක්ෂි වලින් පසු මුදල් වංචා කළ විදේශිකයන් 4ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ වංචා කර සොරකම් කිරීමේ චෝදනා මත පකිස්ථාන ජාතිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයින් සිව්දෙනා සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් වෙත ගොස් දක්ෂ ලෙස භාණ්ඩ සොරකම් කර මුදල් ද වංචා කර ඇති බව වාර්තා වේ.

මෙම පිරිස ඇල්පිටිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකින් භාණ්ඩ සොරකම් කිරීමට උත්සහ කර ඇති අතර, ඊට හසුවීමෙන් අනතුරුව ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, ඇල්පිටිය සහ මාතර ඇතුළු වෙළඳසැල් හිමියන් කිහිප දෙනෙකු පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව ඊයේ (30) අකුරැස්ස ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *