වරයක් ඉල්ලා ගුරුවරු විරෝධයේ

ගුරුවරුන්ට තමන් සේවය කරන පාසලේ අතර මැදි ශ්‍රේණිවලට සිය දරුවන් ඇතුළත් කර ගැනීමට යළි අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලමින් ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන් පිරිසක් දින දෙකක් තිස්සේ කොළඹ ගාලුමුවදොර පිටියේ විරෝධතාවයක නියැලුණහ.

ගුරුවරයකුට සහ පාසලක සේවය කරන අනධ්‍යයන කාර්ය  මණ්ඩලයේ සාමාජිකයකුට වසර තුනක සේවා කාලයකින් පසුව තමන් සේවය කරන පාසලේ අතරමැදි ශ්‍රේණියකට සිය දරුවන් ඇතුළත් කර ගැනීමට හැකි වන පරිදි අධ්‍යාපන ලේකම්වරයා නිකුත් කර තිබූ චක්‍රලේඛය වර්තමාන ආණ්ඩුව අහෝසි කර ඇතැයි පවසමින් ඔවුහු එම විරෝධතාවයේ නියැලුණහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *