නව දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරයට කේ.රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා

නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ සේවා නිළධාරියකු වන කේ. රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා  පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ කළමණාකරණ දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ දැනට සේවය කරනු ලබයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමීවීමෙන් එම ධුරය පුරප්පාඩු වී තිබේ.

ධම්මික ජයසුන්දර මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියේ සුදුසු තනතුරකට පත්කිරීමට හැකිවන පරිදි රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා  සහ පලාත් පාලන අමාත්‍යාංශයට අනුයුක්ත කිරීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට සිදුකළ යෝජනාවක් මත මෙම පත්කිරීම සිදුකරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *