ඉල්මනයිට් සේදීමේ ස්ථානය පොලිස් භාරයට

විල්පත්තුව ජාතික වන උද්‍යානය මායිමේ අරුවක්කාඩුව පුරා විද්‍යා අධි සංවේදි පරිසර පද්ධතියක් තුළ නිසි නිත්‍යානුකුල අවසරයකින් තොරව පවත්වාගෙන ගිය ඉල්මනයිට් සේදීමේ ස්ථානය වලාන පානදුර මධ්‍යම දුෂණ ප්‍රහාරක බළකාය අදාල පරික්ෂණ අවසන් වන තුරු පොලිස් භාරයෙ තැබිමට පුත්තලම දිසා විනිසුරු මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා 11 දින නියෝග කළේය.

මෙම නියෝගය නිකුත් කෙරුණේ අදාල ඉල්මනයිට් සේදිමේ දේශීය සමාගම විසින් පරිසරය වනසමින් භු විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයෙ නිසි අවසරයකින් තොරව පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව ලබා දුන් නියෝගවලට පටහැනිම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලැබුන පැමිනිල්ලක් මත වලාන පානදුර මධ්‍යම දුෂණ ප්‍රහාරක බලකාය ෙඅදාල ස්ථානය වටලා එහි සියලු යන්ත්‍ර සුත්‍ර ඇතුළු කර්මාන්ත භුමිය තම භාරයට ගැනිමෙන් පසු ඒ සම්බන්ධව පුත්තලම අධිකරණයට  කරුණු දැක්වීය.

අදාල ඉල්මනයිට් සේදීමේ ස්ථානය විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ පේරක කලාපයට මායිම්ව පුරා විද්‍යා අධි සංවේදි පරිසර පද්ධතියක් තුළ දැවැන්ත කැණිම් කරමින් වසර සිය ගණනක් පැරණි වෘක්ෂයන් ඩෝසර යොදා ගනිමින් වනසා සිමෙන්ති සංස්ථාව පවා නොමග යවමින් මේ වනවිට සිමේන්ති නිශ්පාදනයට ලබා ගන්නා හුණු ගල් තට්ටුවට උඩින් වු පස් ලබා ගෙන ඉල්මනයිට් ඉල්මනයිට් ලබා ගැනිම සිදුව තිබු බව කියයි.

ඉල්මනයිට් සේදීම හේතුවෙන් දැවැන්ත පරිසර හානියක් සිදුව ඇති බවට වලාන පානදුර මධ්‍යම දුෂණ ප්‍රහාරක බලකාය අධිකරණයට කරුණු වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *