අද පෙරවරු 6.00 ට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවලදී ඉන්ධන බෙදා හැරීම ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර බදාදා (29) පැවසීය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන බෙදා හැරීම සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව අඛණ්ඩව සහය ලබාදෙන බවයි.
“ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ තිබෙනවා. ඇතැම් ඉන්ධන පිරවුම්හල් අප්‍රේල් මස මිල සංශෝධන අපේක්ෂාවෙන් ඇනවුම් කර නොමැති බව අවධානයට ලක්ව තිබෙනවා,” ඔහු අනාවරණය කළේය.
ඒ අනුව ඇනවුම් කර අවශ්‍ය අවම තොග පවත්වාගෙන යන ලෙස අමාත්‍ය කාංචන විජේසේකර ඉන්ධන පිරවුම්හල් ක්‍රියාකරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
ඉන්ධන හිඟය සම්බන්ධයෙන් කලබල නොවන්නැයි ඊයේ ජනතාවගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නිවේදනය නිකුත් කර ඇත.
සේවක සේවිකාවන්ට රාජකාරියට පැමිණීමට වෘත්තීය සමිති විසින් බාධා කිරීම හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමේ ප්‍රමාදයක් සිදුව ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර ඊයේ අනාවරණ කර තිබුණා.
තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් කර ඇති බව සඳහන් කළ ඔහු, ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග ඇති බවට සහතික වෙමින් පර්යන්තවල සහ බෙදා හැරීම සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ආරක්ෂාව සපයන බව පැවසීය.