අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද සිය අමාත්‍ය ධුරයකින් ඉල්ලා අස්වී තිබෙනවා.
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය අමරවීර මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමා තවදුරටත් සිය අමාත්‍ය ධූරයේ රැඳී සිටින බවයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත දැනුම් දුන්නේ.
ජනාධිපතිවරයා විසින් එම අමාත්‍ය ධූරයට වෙනත් අයෙකු පත්කිරීම සඳහා තමන් එක් අමාත්‍ය ධූරයකින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
අමරවීර අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම අද දිනයේදී තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කිරීමට නියමිත බවට වාර්තා පළවෙමින් තිබේ.