නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්රය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර තිබේ.
ඊයේ (07) රාත්රී 10.15 ට පමණ පළමු ජනන යන්ත්රය විදුලිබල පද්ධතියට එක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය ප්රකාශ කළේය.
ගල් අඟුරු තොග කළමනාකරණය කිරීම සහ නඩත්තු කටයුතු සඳහා 2022 දෙසැම්බර් 23 වන දින විදුලි ජනකය වසා දමන ලදී.
කෙසේ වෙතත් පසුගිය සතියේ ගල් අඟුරු තොගයක් ශ්රී ලංකාවට පැමිණීමෙන් පසු විදුලි ජනක යන්ත්රය එක් කර තිබෙනවා.
අද උදෑසන වන විට ගල් අඟුරු මෙට්රික් ටොන් 31,830ක් මුදා හැර ඇති අතර ගල් අඟුරු මෙට්රික් ටොන් 26,204ක් ගොඩබෑමට ඉතිරිව ඇති බව විදුලිබල මණ්ඩලය ප්රකාශ කළේය.