අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් හේතුවෙන් සිකුරාදා (02) රාත්‍රී 10.00 සිට සෙනසුරාදා (03) පස්වරු 1.00 දක්වා කොළඹට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසයි.
කොළඹ 11, 12, 4, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ඔවුන් ප්‍රකාශ කළා.
මහජනතාවට සිදුවී ඇති අපහසුතාවය පිළිබඳ කණගාටුව පළ කරන අතර ප්‍රමාණවත් තරම් ජලය කල්තියා රැස් කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය ඉල්ලා සිටියි.