කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් ඇතිවී තිබෙන කොවිඩ් ආසාධිතයින් හේතුවෙන් සමාජයට වෛරසය පැතිරයාමේ අවධානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරයි.
ඉකුත්දා වැලිකඩ බන්ධනාගාරයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයැයි තහවුරු වූ රැදවියා වාර්තා වීමෙන් අනතුරුව ඔහු ඊට පෙර රදවා සිටි කන්දකාඩු මත්ද්‍රව්‍ය නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ සේවකයින් හට සිදුකළ PCR පරීක්ෂණ මගින් තවත් ආසාදිතයින් 56ක් වාර්තා වූ බවත් එම ප්‍රමාණය ඉදිරියේදී තව දුරටත් වැඩිවෙනු ඇති බවටත් වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
එමෙන්ම කන්දකාඩු මධ්‍යස්ථානයේ සිටි යෙදී සිටි උපදේශිකාවකටද කොරෝනා රෝගය වැලදී ඇති බවට තහවුරැ වී ඇති අතර ඇය පොදු ප්‍රවාහන සේවා භාවිතා කොට ඇති බවද වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා කියා සිටියා. එමෙන්ම ඇය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකටත්, අසල්වැසි නිවසකට හා ඇඳුම් මසන ස්ථානයකට ද ගොස් ඇති බවටත් තොරතුරු අනාවරණය වන බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි.
තවද එම පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවකයින් නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් ඇති අතර, පුනුරුත්ථාපනය වෙමින් සිටින පුද්ගලයින්ගේ දෙමව්පියන් සහ ඥාතීන් ඔවුන් ගේ සුවදුක් බැලීමට එම මධ්‍යස්ථානය වෙතට පැමිණ ගොස් ඇති බවටත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පවසා සිටියි. ඔහු සදහන් කරන්නේ මේ හේතුවෙන් වෛරසය සමාජ ගත වීමේ අවධානමක් ඇති බවයි.