වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත බවට හදුනාගත් රැඳවියා ඇසුරු කළ පුද්ගලයින් 174 දෙනෙකු හා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිරිසක් පී සී ආර් පරීක්ෂණයට ලක් කර තිබේ.
වෛරසය ආසාදනය වු රැඳවියා කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍යවලට අබ්බැහිවුවන් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථානයේ සිට ජුනි 27 වනදා වැලිකඩට මාරු කරන ලද අයෙකු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.