මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. ඇය මේ බව සදහන් කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. මෙම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද සහභාගී විය.
අද දිනයේදී තහවුරු වූ පුද්ගලයින් දෙදෙනා ගෙන් එක් අයෙක් 44 හැවිරිදි වියේ පසුවන අය අතර ඔහු ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් වනවා. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් වන ඔහු මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අනෙක් රෝගියා නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුද ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් වනවා. මේ වන විට ඔහු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටින්නේ. එහිදී වැඩිදුරටත් ඔවුන් පවසා සිටියේ ජනතාව රැස්වන උත්සව පැවැත්වීම සඳහා මින් ඉදිරියට පොලීසීයේ අවසරය ලබාගැනීම අනිවාර්ය බවයි.