2023 මහ කන්නයේ දී ලබා ගත් වී අස්වැන්නෙහි අග්‍ර කොටස ශ්‍රී මහා බෝධියට පූජා කෙරෙන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී මහා බෝධිය අභියස දී අද (06) පැවැත්වේ.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව 57 වන වරටත් පවත්වන මෙම අලුත් සහල් මංගල්‍යයේ දී දිවයිනේ සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකින්ම එකතු කරන ලද සහල් ශ්‍රී මහා බෝධියට පූජා කෙරෙයි.
දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරන ගොවීන් අලුත් සහල් මංගල්‍යයට සහභාගී වීම සඳහා අනුරාධපුරයට පැමිණිම සිරිතකි.
එළඹෙන යල කන්නයේ අස්වනු සරුසාර කර ගැනීම සඳහා දෙවියන් බුදුන්ගේ ආශිර්වාද ලබා ගැනීම මෙම අලුත් සහල් මංගල්‍යයේ අරමුණ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.