පාර්ලිමේන්තුවේ 57කගෙම 60 පැනලා

තරුණයන්ට නිදහසේ දේශපාලනය කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඊට අවශ්‍ය පරිසරය සැකසීම වැඩිහිටියන්ගේ වගකීම බව කී රණවක මහතා  එක්සත් ජනරජ පෙරමුණ යටතේ තාරුණ්‍යයේ නිදහස සහ නිර්මාණශීලීත්වයට අවකාශ සැලසෙන බව කීය.

වර්තමාන පාර්ලිමේන්තුවේ වයස අවුරුදු 40 ට අඩු සාමාජිකයන් ගණන 26 ක් බවද එහෙත් අවුරුදු 60 ත් 90 ත්  අතර 57 දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටින්නේ යැයිද කී රණවක මහතා කාන්තා නියෝජනය ද අවම බව පැවසීය.

බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති එක්සත් ජනරජ පෙරමුණේ තරුණ සමුළුව අමතමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *