Tuesday, 17 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්ගේ අවසන් කටයුතු වැල්වැටිතුරේදී සිදු කෙරේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

වයස අවුරුදු 69 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතාගේ අවසන් කටයුතු වැල්වැටිතුරේ, ඌරණි හින්දු සුසාන භූමියේදී සිදු කෙරිණි.

ඔහුගේ අවමංගල්‍යයට ගෞරව දැක්වීමක් වශයෙන් වැල්වැටිතුරේ ප්‍රදේශයේ වෙළෙඳසැල් වසා තබන ලදී.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි සිවාජිලිංගම් මහතා නොවැම්බර් 14 වැනිදා අභාවප්‍රාප්ත විය. ඔහු 2001 සහ 2004 වසරවලදී යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ඔබේ අදහස