2025 හෙක්ටයාර් 2000ක ලොකු ලුණු වවන්න සුදානම්

එක මිටට ගොවි බිමට ලොකු ලූණු වගාව ප්‍රවර්ධනය සදහා මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලූණු වගාව  හෙක්ටෙයාර් 2000 ක් ඉලක්ක කර ගෙන  ගෙන් ගෙට ගොස් ගොවින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 08 දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ආරම්භ කරන බව දඹුල්ල කෘෂිකර්ම නිලධාරීහු පවසති.

දඹුල්ල ,ගලේවෙල, සීගිරිය, මකුළු ගස්වැව, නාඋල, කෝන්ගහවෙල, කෘෂිකර්ම උපදේශක කොටසවල දැනුවත් කිරීම සිදු කෙරේ. මධ්‍යම පළාත් කෘෂිකර්ම ලේකම් මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ මාතලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ සහ ලොකු ලූණු බෝග නායක ඇතුළු ආරාධිත අමුත්තන් මෙමෙ අවස්ථාවට සහභාගී වේ.

නැවත ලොකු ලූණු වගාව ප්‍රවර්ධනය කරමින් දේශීය වගාවන් නැවත ඇති කිරීම බලාපොරොත්තුවන බවත් මේ සදහා රාජ්‍ය ආයතන සහ පුද්ගලික ආයතනයක එකතුව නිලධාරීන් 300 ක පමණ සහභාගී කර ගන්නා බවද  දඹුල්ල කෘෂිකර්ම නිලධාරීහු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *