2024 අ.පො.ස.උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් සිසුන් 29,244ක් සියලු විශයන් අසමත් වී තිබෙන බවත්, මේ පිළිබඳව අධ්‍යාපක ක්ෂේත්රයේ විශේෂ අවධානයක් යොමු විය යුතු බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
ඊයේ (27දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“වසර ගණනාවක් අධ්‍යාපනය ලබලා , උසස් පෙළ වසර 2ක් අධ්‍යාපනය ලබලා මේ විෂයන් තුනම අසමත්වීම් ගත්තම ඒ සංඛ්‍යාව සැලකිය යුතු කැපී පෙනෙන සංඛ්‍යාවක්. පසුගිය වර්ෂ වගේම මෙවරත් 29,244ක් එය 10.66%ක අගයක් ගන්නවා. පසුගිය වසර වලත් මෙවැනි තත්ත්වයක් තමයි වාර්තා වෙන්නේ. නමුත් මම හිතනවා මේක අධ්‍යාපන ක්ෂේත්රයේ විශේෂ අවධානයක් යොමු කළ යුතු කාරණයක් ලෙස මම දකිනවා. ”